Saman Lenin

මහාසෙන් තාණ්ඩවය Lyrics

මහාසෙන් තාණ්ඩවය video

No photo
Overview

මහාසෙන් තාණ්ඩවය Lyrics Translations:

english

Saman Lenin - මහාසෙන් තාණ්ඩවය lyrics

මහාසෙන් තාණ්ඩවය කුමරුනේ කඳ සුරිඳුනේ..... කොතා යුදේ දරන් සවත් ප‍්‍රභාව බාහු යුග්මයේ
ගෙලේ ප‍්‍රලම්භ රත්න හා ස්වර්ණ කර්ණපාලියන්
වඩින් වඩින් වඩින්න දැන් වඩම්මවන්න මල් යහන්
කලෙන් මහෙන් පුදම් ව'දිම් කලේලි කලණ කදිරයන් ඉටා තුටා අනේක යන්ත‍්‍ර මන්ත‍්‍ර තන්ත‍්‍ර මතුරමින්
විභූති වීර බරනුවන් විරාජමාන සිකියහන්
වඳිම් වඳිම් වඳින්නෙ මම් ලලාට ලාල පාමුලේ
කුමාර කන්ද දේවනේ රකින්න සිංහලූන් පෙමින් දරා සුරේන්ද්‍ර නෙත්මිණී විලාසෙ රැන්දු සින්ධුරා
ශරීරයෙන්ද හෘදයේ ප‍්‍රමෝදවේවි දෑ සෙනේ
ක්ෂපා කපාවි රෝ වැනී ක්ෂම: සුරශ්මි ජාලයෙන්
කෙලේශ ශුද්ධි සෙන්පතින්යැ කෝණගාම බෝසතුන් ජටාමඩුල්ලෙ මේඝයන් ප‍්‍රදක්ෂිණාව ධූපයෙන්
ජටාවිජටන නැණවතුන්යැ වන්දනාව බැති පෙමින්
මුදාල වරළ විරු සිතින් උමාව පුත‍්‍ර සෝණයන්
නමෝනමාමි සෙන්පතින් මහර්ධි මහරු රෝහණන් සහස‍්‍රලෝකයේ ප‍්‍රචණ්ඩ නේක නේක සෙන් වුවත්
පෙළින්ය ධූලි ධූලි කරන අපරිමේය වෙර දරන්
ප‍්‍රචණ්ඩ සෝණ මාලියන් මහාසිපීය සරවනන්
ශ‍්‍රියා මෙසේය ජානනන් ත‍්‍රිලෝක වැන්ද දේවයන් ලලාට රන් දමක් දිලෙන්නෙ ඉන්ද්‍රචාපයට උඩින්
විනීත බැල්ම පැන් ඉසිත් නිවෙන්න දැවෙන ගිනි සිතුම්
සුසීල සූනුවා ගණා විරාජමාන මහසෙනං
මහා උදාර යෝගියා මුරාග‍්‍ර ධ්‍යාන සම වදින් කලාවු නේක සේවයන් ගැයෙද්දි ගද්‍ය පද්‍යයෙන්
සුරන් අරා විසූ ගුරුන් ප‍්‍රචණ්ඩ බැල්ම පෑ සිතින්
දරා කෙටේරි අඩයටින් සුරත්හි කංග බර නෙතින්
ප‍්‍රසිද්ධ පතල දේවයන් ත‍්‍රිලෝකයේ දොළොස් අතින් පුරාණ චන්දනප්පුරේ සරද්දි දේවි අග බිසුන්
සුවර්ණවර්ණපාලි හා ප‍්‍රබන්ධ බන්ද කන්දරාSaman Lenin - මහාසෙන් තාණ්ඩවය - http://motolyrics.com/saman-lenin/_20533a4-lyrics.html
නිලම්මයූර වාහනේට එන් සුරෙන්ද්‍ර ඉන්ද්‍රයන්
කලා නිධාන පෙම් පුරාණයේ රජුන් සුපෙම්බරා පිපිච්ච සූර පංකජා දිලිච්ච ධීර සිංහයන්
වනස්පතින් ලෙසින් සවී සුභද්‍ර භද්‍ර චන්ද්‍රයන්
ඇහිච්චදෙන් කියච්චදෙන් බලච්චදෙන් අසච්චදෙන්
ලිවිච්ච දේම වෙච්චදෙන් තමන්ට වෙච්ච දෙන් එසේ අසන්න සර්වමංගලම් කලා කදම්බයක් වැනී
රසින්-අ-නූන කදිරයන් ගුණෙන් පිරී මධූ වැනී
වසාන්ත නම් දිගාන්ත නම් සවරාන්ත නම් භවාන්ත නම්
පදාන්තතෙක්ම කාන්ත නම් සුඛාන්ත ආන්ත තෙක් වෙතේ ජයධ්වජ ත‍්‍රි ඡුත‍්‍රඡුත‍්‍රි ශංඛමුක්ත රන් වියන්
ත්විෂම්පතින් ලෙසින් තෙදින් සුරාජ රාජ අධිරජුන්
දෙගත් දෙගත් දෙගත් නදින් යකුන් බෙරෙන් ගිගුම් නගන්
ධ්වනි ක‍්‍රම-ක්-ක‍්‍රමෙන් නැගෙන් ප‍්‍රචණ්ඩ රුහිරු පුබුදුවන් දිදෘක්ෂු දිව්‍ය රාජයෝ මතංග මුක්ත හස්තයෝ
ගරිෂ්ඨ ගර්ව තාපසෝයැ රිදැති ශත‍්‍රැ මථනයෝ
ජපා ජපන්න ජබුදුවූ ප‍්‍රජාපතී ලකින්ද්‍රයෝ
සමහ් සිතින් සුව: සදා සදා වඳිම් ශිවාංකුරම් විදා ගුවන් තලෙන් ඇදී සැණින් ගනී පටන් සටන්
විමුක්ති සැදුව මහරජා සමුද්‍ර පැරදු සිංහයන්
විලෝකනීය ලෝම ලකර ලකලූ ලකෙහි ලක්පුතුන්
ශිව: පුත‍්‍ර කඳ රජුන් සදා වඳිම් වයා දැකුම් මෙදා එදා ලෙසින්ම ඒවි පුත‍්‍රයන් පෙමින් බැතින්
විදා මුදාල බාහු යුග්මයෙන් නිමන් ගමන් ගිමන්
සදා සුයාම දක්ඛිනේය කෙලෙසකූටයෙන් බසින්
අහා මහා මහේන්ද්‍රයන් මහීම කදිර දේවයන් පූජාවසාන සමයේ දශවක්ත‍්‍රබතිකන ගීතම්- යේ ශඞ්වක්ත‍්‍ර පූජනපරමි පුදමි නමාමී
ශුභ සෙත් ස්ථිරයි සෙත් මෙත් සැදේවා....දෝෂ දුරුවේවා...සිහළ රට දැය සමය දිලේවා.... ඉති ශ‍්‍රී රවනබතිකනකෘතම් මහාසෙන්තාණ්ඩව ස්ත්‍රෝතම් සම්පූරණම්. ගායනය- සමන් ලෙනින්
සංගීතය- පබළු විජේගුණවර්ධන
රචනය- ධම්මික හෙට්ටිආරච්චි

Write a comment

What do you think about song "මහාසෙන් තාණ්ඩවය"? Let us know in the comments below!

Recommended songs